Kirana
Terms and Conditions
කිරණ මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. “කිරණ මංගල සේවය” හා Kirana.lk වෙබ් අඩවිය ඔබට සපයන්නේ A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය මගිනි.
මෙම සේවාව මගින් විවාහ අපේක්ෂයින්ට තමන්ගේ සිතැගි පරිදි අනාගත සහකරු හෝ සහකාරිය තෝරාගැනීමට අවකාශය සලසා ඇත. ඉන්පසු ඉදිරියට කටයුතු කරගෙන යාම ඔබ දෙපාර්ශවයේ කැමැත්ත මත පමණක් සිදුවේ. එවැනි සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා කිසිම අයුරක අනුබල දීමක් හෝ බලපෑමක් අප ආයතනය මගින් සිදු නොකෙ‍රේ.එවැනි සම්බන්ධතාවයක් හේතුකොටගෙන කිසියම් පාර්ශවයකට සිදුවන ගැටළු හෝ මූල්‍යමය අවාසි සම්බන්ධයෙන් ආයතනය වගකියනු නොලැබේ. තවද මෙම මංගල සේවයේ ලියාපදිංචි වී ඇති විවාහ අපේක්ෂකයින්ගේ විවාහක, අවිවාහකබව, පදිංචි ලිපිනය, රැකියාව ඇතුළු සම්පූර්ණ විස්තර වල සත්‍ය අසත්‍ය‍ භාවය සොයා බැලීමට අප ආයතනය කිසිදු අන්දමේ වගකීමකට බැඳී නොමැත. මෙම වෙබ් අඩවිය තුලින් දැනගන්නා යම් කෙනෙකු සමඟ සම්බන්ධතාවයක් පටන් ගැනීමට පෙර ඔහු හෝ ඇය සපයා ඇති සියලු තොරතුරු වල සත්‍ය අසත්‍ය තාවය සොයාගැනීම තමාගේ කාර්ය භාරය හා වගකීම බව ඔබ පිළිගත යුතුය.
1. මෙම වෙබ් අඩවිය භාවිතයට අවසර ඇති අය.
  • ඔබගේ වයස අවුරුදු 18 කට වැඩිවිය යුතුය.
  • ගිවිසුමකට ඇතුළත් වීමට නීතිමය බාධාවන් නොතිබිය යුතුය.
  • මෙම වෙබ් අඩවියට පිවිසෙන යම් අයෙකු අපගේ ‍කොන්දේසි එකක් හෝ සියල්ලම පිළිගැනීමට සූදානම් නැතිනම් මෙම වෙබ් අඩවියට ඇතුළුවීමෙන් වැළකී සිටිය යුතුය.
2. වෙබ් අඩවිය භාවිතය
ඔබ විසින් තමන්ට රිසි PASSWORD එකක් යොදාගෙන තමන්ගේ ගිණුම පවත්වාගෙන යාම සාමාජිකයාගේ වගකීම වේ. තමන්ගේ ‍Profile එකේ වෙනස්කම් කර ගැනීම හා ගිණුම ආරක්ෂාකාරීව පවත්වාගෙන යාම තමන්ගේ වගකීම බව සාමාජිකයා පිළිගතයුතු වේ. Password එක සුරැකිව තබා ගත යුතු අතර තමන්ගේ ගිණුමේ යම් වෙනසක් සිදුවුවහොත් එහි වගකීම සාමාජිකයා බාරගත යුතු වේ.
ඔබ ලබාගන්නා සමහර දුරකථන අංක සමහරවිටෙක ක්‍රියාවිරහිත වී හෝ ප්‍රතිචාර නොදී හෝ තිබිය හැක. සමහරක් අය දැනට යෝජනා කතාකරගෙන යන අය විය හැක. එවැනි අවස්ථාවන් ගැන වෙන වෙනම සොයා බලා හේතු කියාසිටීමට ආයතනය වගකීමෙන් බැඳී නොමැත. අප විසින් ඔබට එක් එක් පැකේජයන් සදහා වැඩිපුර අවස්ථාවන් සළසා දී ඇත්තේ එවැනි සම්බන්ධ කරගත නොහැකි අංක ඇති බව සැලකිල්ලට ගනිමිනි. නමුත් ඔබට ක්‍රියාවිරහිත හෝ ප්‍රතිචාර නොදක්වන දුරකථන අංක/ගිණුම් පිලිබදව අපව දැනුවත් කල හැකිය. එවිට අප විසින් එම දුරකථන අංක/ගිණුම් පිලිබද සොයා බැලීමක් සිදු කර ඔබට නැවත ඒ වෙනුවට අවස්ථාවන් ලබාදීම/එම ගිණුම් හිමියන් දැනුවත් කිරීම සිදු කරයි.නමුත් ඔබට සාධාරණ හෙතුවක් නිසා ඒ වෙනුවට අවස්ථා ලබාදීමට හෝ නොදීම තීරණය කිරීමේ අයිතිය A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය සතු බව ඔබ පිලිගත යුතුය.
3. දත්ත හා ඡායාරූප වල අයිතිය
මෙහි එන දත්ත හා ඡායාරූප කිසිවක් කුමන අන්දමකට හෝ පිටපත් කිරීමට කිසිවෙකුටත් අවසර නොමැත. මෙහි පලවී ඇති යම් ඡායාරූපයක් පිටපත් කර ලබා ගැනීමෙන් එම සාමාජිකයාට යම් ගැටලුවකට මුහුණු දීමට සිදුවුවහොත් එම වගකීමෙන් ආයතනය නිදහස් වන අතර එම ක්‍රියාව සිදු කළ පුද්ගලයා ඒ සම්බන්ධ සම්පූර්ණ වගකීම බාරගැනීමට බැඳී ඇත. එවැනි තැනැත්තෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට A TO Z SOLUTIONS (PVT) LTD ආයතනයට බලය ඇත.
4. තොරතුරු වල රහස්‍යභාවය
සාමාජිකයෙකු විසින් ආයතනයට සපයා ඇති කිසිම තොරතුරක් පිටතට ලබා දීමට ආයතනය බැඳී නොමැත. එහෙත් නීතියේ අවශ්‍යතාවයක් මත එසේ කිරීමට සිදුවුවහොත් එයට අනුකූල වීමට අප බැඳී සිටී.
5.තමන්ගේ නොවන විස්තර ඇතුලත් කිරිම
යම් සාමාජිකයෙකු විසින් තමන්ගේ නොවන ඡායාරූපයක් හෝ දුරකථන අංකයක් සහිතව ගිණුමක් ආරම්භ කොට ඇත්නම් ඒ බව ආයතනයට දුරකථනයෙන් දැනුම් දීමට හැකි අතර ආයතනය වහාම ක්‍රියාත්මක වී එවැනි තොරතුරු වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.
මෙවැන්නක් කිරීමෙන් ඡායාරූපයේ හෝ දුරකථනයේ සැබෑ අයිතිකරුට විඳින්නට වන ඕනෑම අන්දමේ ගැටළුවක් සම්බන්ධ සම්පූර්ණ වගකීම එම සාවද්‍ය ‍තොරතුරු ඇතුලත් කරගෙන සිටි සාමාජිකයා විසින් භාරගත යුතු අතර ආයතනය ඒ සියල්ලෙන්ම නිදහස් වේ.
6.සාමාජිකත්වය අහෝසි කිරිම
පහත සඳහන් කුමන ක්‍රියාවක් නිසා හෝ ඔබගේ සාමාජිකත්වය ‍ඉවත් කිරීමට ආයතනයට ඒක පාර්ශ්වික බලයක් ඇත.
  • i) තමන්ගේ නොවන දුරකථන අංක, තමන්ගේ නොවන ඡායාරූප, ව්‍යාජ විස්තර ගිණුමට ඇතුලත්කිරීම.
  • ii)වෙබ් අඩ‍වියේ ඇති දත්ත හෝ ඡායාරූප පිටපත් කිරීම හෝ සොරකම් කිරීම.
  • iii) දුරකථන ඇමතුම් වලට යහපත් ප්‍රතිචාර නොදීම.
  • iv) කටයුත්තක් තීන්දු වී තිබියදී ඔබගෙ ගිණුම වසා දැමීමට ක්‍රියා නොකිරීම.
  • v) මෙම සේවය තුළින් හඳුනාගන්නා අය සමඟ මුදල් හෝ නිශ්චල හෝ චංචල දේපල ගනු‍දෙනු වලට සම්බන්ධ වීම.
  • vi) නොමනා යෝජනා කිරීම හෝ අනිසි බලපෑම් කිරීම ආදී මෙම ගිවිසුමේ සඳහන් කොන්දේසි එකක් හෝ වැඩි ගණනක් කඩ කිරිම හේතු කොට ඔබගේ ගිණුම ඔබට දන්වා හෝ නොදන්වා අත්හිටවීමට බලය ආයතනය සතුවේ.
7. මුදල් ආපසු දීමේ ප්‍රතිපත්තිය
අප දක්වා ඇති කොන්දේසි සහ නියමයන් එකක් හෝ කිහිපයක් කඩවීම නිසා සාමාජිකත්වය අහෝසි වූ පුද්ගලයෙකුට ඔහු හෝ ඇය විසින් ආයතනයට ගෙවූ මුදල් ආපසු ගෙවීමට A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය බැඳී නොමැත.
නමුත් ඔබ මුදල් ගෙවීමක් සිදුකර අපගේ කිසිදු සේවාවක් භාවිතා කර නොමැතිනම් මුදල් ආපසු ලබාදෙන ලෙස ඉල්ලිමක් කල හැකිය. එවිට ආයතනය විසින් සාමාජිකයාගේ ගිණුම පරීක්ෂා කොට, මෙම සේවය තුලින් කිසිදු ප්‍රයෝජනයක් ලබා ගෙන නොමැති බවට තහවුරු කරගැනීමෙන් පසු මුදල් ආපසු ලබාදීමට එකග වේ. මෙහිදී ඔබ වෙනත් අයගේ දුරකථන අංක ලබා ගැනීම, යොජනා යැවීම් භාවිතා කිර්‍රිම,පනිවිඩ යැවීම් භාවිතා කිරීම හෝ ඔබගේ අංකය වෙනත් අය ලබා ගෙන තිබීම සැලකිල්ලට ගැනේ. ඔබ ලබා ගත් සියළුම දුරකථන අංක සහ සියළුම විස්තර අපට ලබා ගත හැක. නමුත් මුදල් නැවත ලබා දීමේ තීරණය ගැනීමේ සම්පූණ අයිතිය ආයතන සතු බවට සාමාජිකයා එකග විය යුතුවේ.
8. අප ආයතනයෙන් ලැබෙන SMS පණිවුඩ සහ දුරකථන ඇමතුම්.
අපගේ පහත දැක්වෙන සේවා අංක වලින් ඕනැම මොහොතක ඔබගේ දුරකථන අංකයට SMS පණිවුඩ හෝ සේවා සම්බන්ද ඇමතුම් ලැබීමට ඔබ එකග විය යුතුය.
9. ගිවිසුමේ සඳහන් කොන්දේසි
මෙම ගිවිසුමේ සඳහන් කොන්දේසි කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමේ හෝ අළුතින් කොන්දේසි එකතු කිරීමේ බලය A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය සතුය. එබැවින් කලින් කලට මෙම කොන්දේසි පරික්ෂා කිරීම ඔබගේ වගකීම වේ
10. බලපවත්වන නීතිය
ඕනෑම සාමාජිකයෙකු Kirana.lk වෙත ලියාපදිංචි වූ විට ඔහු හෝ ඇය A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය සමඟ මෙම ලියවිල්ලේ සඳහන් කරුණු කාරණාවලට යටත්ව ගිවිසුමකට එළඹෙන බව සැලකෙන අතර එය නීතිගත වූ බවට සැලකේ.
11.ආරවුල් බේරුම් කිරීම
Kirana.lk වෙබ් අඩවිය හා A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය සම්බන්ධයෙන් වන සියලුම ආරවුල් වර්ෂ 1995 අංක 11 ආරවුල් බේරුම් කිරීමේ පනත යට‍තේ බේරුම් කරුවන් තුන්දෙනෙකු (3) ගෙන් සැදුම්ලත් බේරුම්කරන සභාවක් ඉදිරියේදී කොළඹ දී විභාගයට ගැනීමට ඔබ හා A TO Z SOLUTIONS (PVT) LTD ආයතනය මෙයින් එකග වේ.